Skip to main content
ප්‍රශ්නය

නාලය ඉවත් කළ පැත්තෙන් ඩිම්බය මෝරුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive if you ovulate on the side without a tube?

සර් ectopic pregnancy එකක් වෙලා. දකුණු පැත්තේ නාලේ ඉවත් කරලා ඉන්නෙ. ඩිම්බ මෝරන බෙහෙත් ගත්තම ඩිම්බ මෝරන්නෙ දකුණු පැත්තේ නිසා නැවත ගැබ් ගැනීමක් උනේ නෑ. විශේෂ ප්‍රතිකාර තියෙනවද වම් පැත්තේ ඩිම්බ මෝරන්න ගන්න පුලුවන් ?

වම දකුණ පැලෝපීය නාල හා මාසික ඔසප් වීම අතර සම්බන්ධයක් තියෙනවද සර්. මට ක්‍රමවත් ඔසප් චක්‍රයක් නෑ. දෙසැම්බර් නෑ ජනවාරි තිබුනා දැනට පෙබරවාරි අදාල දිනයට ඔසප්වීම සිදු උනේ නෑ. (2021 ඔක්තෝම්බර් තමයි ectopic pregnancy සිදු උනේ.)

එහෙම සම්බන්ධයක් නැති නම් ඔසප් වීම සිදුවන ඕනෑම මාසයකදී මට ප්‍රතිකාර ලබා ගත හැකි ද? කාරුණිකව පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි.

අසන ලද්දේ: Is*** · වයස 29

දකුණු පස ඩිම්බ කෝෂයෙන් පිටවෙන ඩිම්බයක් වම් පස පැලෝපීය නාලයට ඇතුළු වෙන්නත් පුළුවන්. ඩිම්බය මේරෙන පැත්ත ඖෂධ වලින් තෝරන්න බැහැ. පැලෝපීය නාල සහ ඔසප් වීම අතර සම්බන්ධයක් නැහැ. ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා ප්‍රතිකාර ආරම්භ කරන දිනය ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි.