Skip to main content
ප්‍රශ්නය

එක්වීමෙන් පසු දුගඳ සහිත ස්‍රාවයක් යන එක සාමාන්‍යද?

Is foul-smelling discharge after sex normal?

මාගේ සහ බිරිදගේ වයසද 36කි. මා විවාහ වි දැනට මාස දෙකක් පමණ වේ. බිරිඳ රාජකාරි කරන ස්ථානය දුර බැවින් මා හමුවන්නේ සති අන්තයේ පමණි. අප දරුවකු බලාපොරොත්තුවෙන් ලිංගිකව එකතු අනත් තවමත් දරැවකු පිලිසිද ගත්තේ නැත. සමහර විට අපට හොඳ දවස් මගහැරි ඇතැයි සිතිමි.
මා හට ඇති ගැටළුව වන්නේ අප දෙදෙනා ලිංගිකව එකතු වීමෙන් පසු ඇයට අදික බඩේ අමාරුව යැයි පවසා බෙහෙත් ගැනීමට සිදු වීමයි. ඇයට එය මහත් කරදරයකි. රාජකාරියට පවා යාමට නොහැක. තවද ලිංගිකව එකතු වීමෙන් පසු ඇයට වන සූරාන්තයෙදී පිටවන ස්‍රාවය අධික දුර්ගන්ධයක් පැවතීමයි. මෙම දුර්ගන්ධය සාමාන්‍ය එකක්ද? මෙම ගැටළු දෙකට පිළිතුරු පහදාදෙන්න වෛද්‍ය තුමනි. ස්තූතියි

අසන ලද්දේ: ****

නැහැ. දුගඳ සහිත ස්‍රාවයක් සාමාන්‍ය තත්වයක් නොවෙයි. එය යෝනි මාර්ගයේ ආසාදනයක් නිසා විය හැකියි. ලිංගික එක්වීමෙන් පසු දැඩි බඩේ වේදනාවක් ඇති වීමටත් හේතුව සොයා බැලිය යුතුයි. ඇය නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.