Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්, එක ඔසප් වීමක් සිදු වී ඒ අතර තුර පොස්ටිරෝන් 2 සහ පොස්ටිරෝන් 1 පෙති අවස්ථා 2 කදි ගන්නා ලදී,මේ වන ටිට ඔසප් වීමෙ කාලය දින 5 පමණ පසු වී ඇත. මෙය සාමාන්‍යද?නැත්නම් පිලිසිද ගැනීමක්ද?අහිතකර බලපෑම් පවතීද? මම විවාහකය.දරැවකු සිටියි.

අසන ලද්දේ: මධ*** · වයස 29

ඔව්. Postinor නිසා ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්. නමුත් මෙම ඖෂධයෙන් ගැබ් ගැනීම් වලක්වන්නේ 80%ක් පමණ නිසා දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. නිතර ගැනීමෙන් හානියක් නැති වුවත් එය උපත් පාලන ක්‍රමයක් නොවෙයි.