පොස්ටිනෝර් මග හැරුණොත් වෙන පෙතිවලින් ගැබ් ගැනීම වළක්වනවද?
If I missed Postinor, can other pills prevent pregnancy?
ඩොක්ටර්.. මම මේ මස 8 වෙනිදා මෙන්සස් වුණා. දින තුනකින් සම්පූර්ණයෙන් හොද වුණා. මම මේ 24වෙනිදා අනාරක්ෂිත ලිංගික එක්වීමක් වුණා. මට දින තුනක් ඇතුලත ප්රෝස්ටිනෝ 72 පෙත්ත ගන්න බැරි වුණා. මට දැන්ම බබෙක් හදන්න බැ. මම exam ටිකක් කරන නිසා. (මම මැරී කරලා පුතෙක් ඉන්නවා. ). මම norgest 5mg හා animidox පෙති පාමිසියකින් ගත්තා. මම මේ බෙහෙත් බිවුවොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ඉක්මනින් මෙන්සස් වීමේ හැකියාවක් තිබෙනවද? කරුණාකර මට සහය වන්න. ඔබතුමාට ගොඩාක් පිං. ????
නැහැ. ඔබ සඳහන් කල ඖෂධ වලින් ගැබ් ගැනීමක් වලක්වන්න බැහැ. හදිසි උපත් පාලන පෙති ලිංගික එක්වීමෙන් පැය 96ක් ඇතුලත ගත යුතුයි. ඉන් පසු දින 5ක් දක්වා වෛද්‍ය වරයෙකු මගින් ලූපයක් දැමීමෙන් පමණයි ගැබ් ගැනීම වලක්වන්න පුළුවන්. සති තුනකින් මුත්‍රා පරීක්ෂා කර බලා ඉදිරියට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?