Skip to main content
ප්‍රශ්නය

කරලක් තියෙද්දී ගැබ් ගත්තොත් ගැබ අයින් කරන්න පුළුවන්ද?

Pregnant with an implant in place, can the pregnancy be ended?

කරලක් දමා තිබුනත් මගේ නෝන්ට බබෙක් හිටල. අපට දැන්ම බබෙක් හදන්න බැහැ. තාම අව්රුදු එක හමාරක බබෙක් ඉන්න නිසා. මොකද කරන්නෙ.. අපට මෙක අයින් කරගන්න ඔනි... උදව් කරන්න...

අසන ලද්දේ: Su*** · වයස 29

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. කරල තිබියදී ගැබ් ගැනීම කලාතුරකින් සිදු වෙනව. ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. කරල ඉවත් කර ගර්භණී සායනයට ලියාපදිංචි වීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.