Skip to main content
ප්‍රශ්නය

Postinor ගත්තට පස්සේ ඔසප් වීම පරක්කුයි, මොකද කරන්නේ?

Period late after Postinor – what should I do?

ඩොක්ටර්ගේ නම්බර් එක්ක්ක් නැති නිසා මෙහෙම එවන්නේ ,, ඩොක්ටර් මට අප්‍රේල් 14 මෙන්සස් වෙලා 19 ඉවර උනා ,, මන් කසාද බැදලා,,,අප්‍රේල් මාසෙම 21 අනාරක්ෂිත ලිංගික එකතුවීමක් නිසා පොස්ටිනෝ 2 පෙති ගත්තා , අප්‍රේල් 26 නැවත් මෙන්සස් වෙලා මැය්01 ඉවර උනා , නමුත් මේ වෙනකම් මෙන්සස් උනේ නෑ ,, දැන් මාස එක හමාරක් වෙනවා,,,මල පහ කීරීමේදී යටි බඩ සහ දිගහැරෙන කොන්දේ යට ටික රිදෙනවා මේක මට මානසික ප්‍රශ්නයක් ඩොක්ටර් මන් කුමක් කල යුතුද?

අසන ලද්දේ: Sa*** · වයස 22

මෙය පොස්ටිනෝර් නිසා ඇති වූ තාවකාලික අක්‍රමවත් බවක් විය හැකියි. දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. පොසිටිව් නම් යටි බඩේ වේදනාව නිසා ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.