Skip to main content
ප්‍රශ්නය

යෝනියේ කැසීම සහ සුදු ස්‍රාවය දිගටම තියෙනවා, මොකද කරන්නේ?

Ongoing vaginal itching with white discharge - what should I do?

ලිංගිකව එකතු වීමෙන් පසු (මුඛ සංසර්ගය කළ විට) යෝනි මාර්ගයේ කැසීමක් සිදු වේ. මෙය දැන් මාස 02 ක පමණ කාලයක් දිගටම පවතී. සුදුපාට ද්‍රාවණයක් යෝනි මාර්ගයේ තිබෙන අතර නිතරම යෝනි මාර්ගය තෙත් වීමක් සිදු වේ. යෝනි මාර්ගය කැසීම නිසා මා ඉතාමත් අපහසුතාවයට පත් වී ඇත. ඒ සඳහා මා හට සුදුසු ඖෂධයක් ලබා දෙන්නේ නම් ස්තූතිවන්ත වෙමි.

අසන ලද්දේ: ****

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. මාස 2ක් තිස්සේ පවතින නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. සැමියාටත් රෝග ලක්ෂණ ඇති නම් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගත යුතුයි.