Skip to main content
ප්‍රශ්නය

හෝමෝන පෙති බිව්වත් ඔසප් වුණේ නැත්තේ ඇයි?

Why has my period not come after a course of hormone pills?

ඩොක්ටර් මගේ මෙන්සස් වෙන එක අක්‍රරමවත් නිසා vog ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තා.බෙහෙත් දවස් 7කට දුන්නා මෙන්සස් වෙන්න එත් දවස් 7ම බෙහෙත් බිව්වා.මෙන්සස් වුනේ නැ එහෙම වෙන්නෙ ඇයි ද කියලා දැන ගන්න පුලුවන් ද මන් මිතුරි පෙති අවුරුදයි මාසයක් ගත්තා එවාගේ බලපැමක් තියෙනවා ද මෙන්සස් අක්‍රරමවත් වෙන්න මට මිතුරි පෙති ගන්න කලින් මෙන්සස් අක්‍රරමවත් වුනෙ නැ ඩොක්ටර්

අසන ලද්දේ: ****

හෝමෝන පෙති නතර කර දින කිහිපයකට පසුවයි බොහෝවිට ඔසප් වීම සිදු වෙන්නෙ. එසේ නොවුනොත් ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂා කර බලා ඔබේ වෛද්‍ය වරයා නැවත හමුවන්න. මිතුරි පෙති නිසා ඔසප් චක්‍රය දිගු කාලීනව අක්‍රමවත් වෙන්නෙ නැහැ.