වෛද්ය තුමනි මා විවාහ වී මාස 6ක් පමණ වෙනවා පසුගිය මාසයේ සිට ෆෝලික් ඇසිඩ් ලබා ගන්නවා, විවාහ වීමට පෙර සිටම ඔසප් වීම ආරම්භ වන දිනයේදී මා හට අධික යටි බඩේ, කොන්දේ කැක්කුමක් ඇති වෙනවා වේදනා නාශක(මෙෆ්ටල් හෝ මෙෆන්) පෙත්තක් ගත් විට කැක්කුම පහව යන අතර වේදනා නාශක පෙත්තක් නොගත හොත් මට නැගී සිටීමටවත් නොහැකි තරම් අසීරු වෙනවා බඩ බුරුලෙන් යාම හෝ කලාතුරකින් වමනය වීම හෝ වේදනා නාශක නොගෙන සිටීමෙන් වෙන නමුත් ඔසප් වීම සිදුවන දෙවන දවසේ සිට හතරවන දිනය දක්වා එවැනි අපහසුතාවන් කිසිත් නෑ.ඔසප් රුදිරයේ මස් වැදලි මෙන් දැකිය හැකි වනව අතර එය පළමු හෝ දෙවන දිනයේදී පමනක් දක්නට ලැබෙනවා. මෙය කිසියම් රෝගී තත්වයක් ද? නැතිනම් සාමාන්ය පරිදි තවත් මාස දෙකක්ෆෝ ලික් ඇසිඩ් ලබා ගැනීමෙන් පසුව ගැබ් ගැනීමට යොමුවන්නද? එන්ඩොමෙට්රියෝසිස් රෝගය පිළිබඳ කියවූ ලිපියකින් පසුව මේ ගැටළුව ඇති විය. ස්තූතියි.
බොහෝවිට මෙය රෝගී තත්වයක් නොවෙයි. පලමු දිනට සීමා වී වේදනා නාශක පෙත්තකින් සමනය වෙන වේදනාවක් සහ මුල් දින වල රුධිර කැටි සාමාන්ය තත්වයක්. එන්ඩොමෙට්රියෝසිස් වේදනාව ඔසප් වීමට සතියකට පෙර සිට ඇති වෙන අතර එක්වීමේදී ගැඹුරු වේදනාවක් ද තිබෙනව. ෆෝලික් ඇසිඩ් දිගටම ගනිමින් දැන් සිටම ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?