Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මගෙ යෝනි මාර්ගයේ කැසීමක් ඇති වෙලා මම VOG ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුවා,ඩොක්ටර් මට බෙහෙත් දුන්නේ නෑ probiotics තියන දේවල් වැඩිපුර කන්න කියලා තමයි කිවුවේ,ඒ වගේ ආහාර ගන්නකොට අඩුයි ඒක දවසක් දෙකක් මගඇරුනම ආයේ කසන්න ගන්නවා,එත් ඩොක්ටර් අද මට පොඩ්ඩක් bleed වෙලා තිබුනා,periods වලට තව දවස් 5ක් වගේ තියනවා,කසන ගතිය දැන් දවස් 2ක් 3ක් ඉදන් නැහැ ඩොක්ටර්,ඇගටත් ටිකක් අපහසුයි periods හැදෙන්න ලං උනාම වගේ,අනේ ඩොක්ටර් මට මේක ලොකු ප්‍රශ්නයක් bleed වෙලා තිබුන නිසා,මම මොකද්ද කරන්න ඕනේ ඩොක්ටර්?

අසන ලද්දේ: Ni*** · වයස 25

ඔසප් වීමට දින කිහිපයකට පෙර සුළු රුධිර වහනයක් ඇති වීම බොහෝවිට හෝමෝන වෙනස්වීම් නිසා සිදු වෙනව. එය යෝනි මාර්ගයේ කැසීමට සම්බන්ධ නැහැ. නැවත නැවත මෙසේ වෙනව නම් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.