Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ මුලදී දුඹුරු පාට ස්‍රාවයක් යාම සාමාන්‍යද?

Is dark brown discharge in early pregnancy normal?

මම pregnant සති 9 ක් වෙනවා. ඉදහිට සුද යනවා සමහරක් වේලාවට dark brown පාටට යනවා. එය දරු ගැබට ප්‍රශ්නයක් ද?. සමන්‍ය තත්ත්වයක් ද?

අසන ලද්දේ: හං*** · වයස 27

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. ගර්භණී කාලයේ සුද යාම වැඩි වෙනව. දුඹුරු ස්‍රාවය මුල් මාස තුනේ සුළු රුධිර වහනයක් නිසා සිදු වෙන නමුත් ස්කෑන් පරීක්ෂණයෙන් දරු ගැබ සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ. රුධිර වහනය වැඩි වුණොත් හෝ වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.