Skip to main content
ප්‍රශ්නය

ශුක්‍ර තරල කාන්තාවගේ ලිංගේන්ද්‍රිය මතුපිට යම් ප්‍රමනයක් වේටි තිබ්බා. එක් උනේ නෙහෙ . ඒ මගින් අනවශ්‍ය ගැබ් ගෙනිමක් ඇති වේද? ඇති වේ යැයි සැකය මත එය මුලින්ම වලක්වා ගැනීමට ටබ්ලේට් මොනාහරි තියෙනවද ? ගැබ් ගෙනිමක් සිදූ නොව්නත් එම ටබ්ලේට් භාවිතයෙන් ඇයට අතුරු ආබාදයක් ඇතිවේද ?

අසන ලද්දේ: ni*** · වයස 26

යෝනි මාර්ගය අසල ශුක්‍ර තරලය තැවරීමෙන් ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. එවැනි අවස්ථාවක හැකි ඉක්මනින්, පැය 96ක් ඇතුලත, හදිසි උපත් පාලන පෙත්තක් ගැනීමෙන් ගැබ් ගැනීම් වලින් 85%ක් පමණ වලක්වා ගන්න පුළුවන්. ගැබ් ගැනීමක් සිදු නොවූවත් එම පෙත්ත නිසා ඇයට හානියක් වෙන්නෙ නැහැ. ඔක්කාරය හෝ ඊළඟ ඔසප් වීම ඉක්මන් වීම හෝ ප්‍රමාද වීම වැනි තාවකාලික අතුරු ආබාධ ඇති විය හැකියි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.