Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන බෙහෙත් ගත්තත් ස්කෑන් එකේ ඩිම්බ මෝරලා නැත්තේ ඇයි?

Why is the egg not mature on the scan despite ovulation tablets?

ඩොක්ටර්.. මං ඩිම්බ මොරන බෙහෙත් ගත්තා.period දින 11 පස්සේ එන්න කිව්වා ස්කෑන් කරන්න.එත් ස්කෑන් කරලා කිව්වේ ඩිම්බ මෝරලා මදි කියලා.ඇයි එහෙම වෙන්නේ ඩොක්ටර් ....

අසන ලද්දේ: Ka*** · වයස 26

ඩිම්බ මේරීමට දෙන ඖෂධ ක්‍රියා කරන ආකාරය එක් එක් කාන්තාවට සහ ඔසප් චක්‍රය අනුව වෙනස් වෙනව. සමහර විට දින 11දී ෆොලිකලය තවම කුඩා වී දින කිහිපයකට පසු නැවත ස්කෑන් කල විට මේරී තිබෙනව. එසේ නැත්නම් ඊළඟ චක්‍රයේ ප්‍රතිකාරය වෙනස් කිරීමට හෝ හෝමෝන එන්නත් වලට මාරු වීමට සිදු විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.