Skip to main content
ප්‍රශ්නය

යෝනි දිලීර ආසාදනය කෙළ මගින් හෝ දරුවන්ට බෝ වෙනවද?

Can vaginal thrush spread to my children or through saliva?

ඩොක්ටර් මට යෝනිමාර්ගයේ කැසීම් සහ සුදු කැට වගේ යාම හින්දා ඒඩ්ස් යුනිට් එකෙන් බේත් ගන්න ගියාම කිව්ව කැන්ඩිඩයිස් කියලා.ඒක සුව කරන්න පුළුවන් කිව්ව.මගෙන් දරුවන්ට බෝ වෙන්න පුළුවන් ද .කෙල මගින් බෝ වෙනවද

අසන ලද්දේ: බු*** · වයස 32

නැහැ. දිලීර ආසාදනය (candidiasis) ලිංගාශ්‍රිත රෝගයක් නොවෙයි. එය යෝනි මාර්ගයේ ස්වභාවිකව සිටින දිලීර අධික ලෙස වර්ධනය වීමෙන් ඇති වෙනව. ඒ නිසා කෙල මගින් හෝ දරුවන් සමග ගැවසීමෙන් බෝ වෙන්නෙ නැහැ. ලබා දුන් ප්‍රතිකාර සම්පූර්ණ කරන්න.