Skip to main content
ප්‍රශ්නය

යෝනි කැසීමක් සමග ඝන සුදු පාට යාමක් තියෙන්නේ මොකද?

Why do I have vaginal itching with a thick white discharge?

වෛද්‍යතුමනි, මගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කැසීම් ඇතිවෙනවා. දැනට මාසයක් වගේ කාලෙක ඉඳලා. බිබිලි, rash එහෙම කිසිම දෙයක් නෑ. සමහර වෙලාවට හුඟක් කසනවා. wash karama දැවිල්ලක් එනවා රතු පාට වෙනවා වැඩිපුර කැසුවොත්. සමහර වෙලාවට සුදු පාටට හුරු දියරයක් පිටවෙනවා ටිකක් ඝනකම් විදියට.

අසන ලද්දේ: ****

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. කැසීම සමග ඝන සුදු පැහැ ස්‍රාවයක් පිට වීම එහි ලක්ෂණයක්. වෛද්‍ය වරයෙකු හමුවී දිලීර නාශක ප්‍රතිකාර ලබා ගන්න. යෝනි විවරය සබන් වලින් සේදීමෙන් වලකින්න, කපු යට ඇඳුම් භාවිතා කරන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1000-vaginal-candidiasis.php