Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂ දුර්වල කියලා කිව්වත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I still get pregnant if my ovaries are said to be weak?

අප විවාහ වී වසර 5කි.මේ දක්වා එකදු පිලිසිද ගැනීමක්වත් සිදු වී නැත. IUI ද 5 වතාවක් පමන කලද සාර්තක නොවීය. වෛද්‍ය වාර්තා හොදින් මේ දක්වා තිබුනි.. නමුත් මේ මස වෛද්‍යවරයා මුන ගැසුනු විට පැවසූයේ ඩිම්බ සෑදීම සහ මේරීම ඉතා අපහසුවෙන් සිදුවන බවයි.. ඩිම්බ කෝශ දුර්වල බව පැවසීය.. මෙතෙක් මා හට එවැනි ගැටලුවක් නොවීය.. එක් වරම එසේ විය හැකිද.. මාගේ මවක් වීමේ අපේක්ෂාව බිද වැටේද.. කාරුනික පිලිතුරක් බලපොරොත්තු වෙමි..

අසන ලද්දේ: Ss*** · වයස 35

වයසත් සමග ඩිම්බ කෝෂ වල ඩිම්බ සංචිතය ක්‍රමයෙන් අඩු වෙනව. එය එක් වරම ඇති වූ තත්වයක් නොවෙයි. ඩිම්බ සංචිතය අඩු වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. IUI 5 වාරයක් අසාර්ථක වී ඇති නිසා IVF ප්‍රතිකාරය ගැන ප්‍රමාද නොකර ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න.