Skip to main content
ප්‍රශ්නය

ලිංගික ප්‍රදේශයේ රිදෙන ගැටිත්තක් තියෙනවා, මොකද කරන්නේ?

A painful lump in the genital area: what should I do?

මගේ ලිංගික ප්‍රදේශයේ මතුපිටට නොපෙනෙන නමුත් ස්පර්ශ කර විට ගැටයක් සේ හසුවන ගෙඩියක් හටගෙන තිබේ.එය නිසා යම් වේදනාවක්ද ඇති වේ.මෙය ගැටලුවක්ද මා කල යුත්තේ කුමක්ද

අසන ලද්දේ: Na*** · වයස 22

මෙය බොහෝවිට ග්‍රන්ථියක අවහිර වීමක් හෝ ආසාදනයක් නිසා ඇති වූ ගැටිත්තක් විය හැකියි. පරීක්ෂාවකින් තොරව හරියටම පැවසීම අපහසුයි. වේදනාව සමග ඇති නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.