Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්,ම⁣ට Oct 27 අන්තිමට periods උනා.දෙසැ.01 දුඹුරු පාට පොඩි කෑලි 2ක් ගියා.පීරියඩ්ස් උනේ නෑ.දෙසැ.07 pregnancy positive පෙන්නුවා.දෙසැ.15 ඉඳලා දුඹුරු පාටට වතුර සහ කෑලි යන්න ගත්තා.රතු පාටටත් ටිකක් bleed උනා.මම ඩොක්ටර් කෙනෙක් හමුවෙලා මාව scan කලා.sac එක විතරක් පේනවා කිව්වා.සති 2කින් scan කරමු කිව්වා.proluton depot 250 injection එක දුන්නා.susten 200 උදේ, රෑ ඇතුල් කරන්න කිව්වා.serum beta hcg test එක repeat කරන්න කිව්වා. දෙසැ.10 beta hcg 5529යි, දෙසැ.16 beta hcg 27450යි, දෙසැ.18 beta hcg 36160යි.⁣මට injection දුන්නේ දෙසැ.15 හා 17.දැනට දුඹුරු පාටට චුට්ටක් වගේ bleeding තියෙනවා. Reports whatsap කරන්න කිව්වා ඩොක්ටර්ට.එවිට කල යුතු දේ කියන්නනම් කියලා.ඒත් මේ වන තෙක් කරන්න දෙයක් කිව්වේ නෑ.ඩොක්ටර් මේ තත්වය මොකක්ද?මා කල යුත්තේ කුමක්ද ?

අසන ලද්දේ: කු*** · වයස 37

රුධිරයේ hCG අගය වැඩි වෙන නිසා දරු ගැබ තවමත් සජීවී විය හැකියි. හරියටම දැන ගැනීමට ඔබේ වෛද්‍ය වරයා පැවසූ පරිදි සති දෙකකින් නැවත ස්කෑන් කර බලන්න. සුළු දුඹුරු පැහැති රුධිර වහනයක් නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. අධික රුධිර වහනයක් හෝ තද වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.