Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මට වයස 29. මාගේ හස්බන්ඩ් හමුදා සේවයේ නිරතවෙන්නේ. විවාහ වෙලා දැනට අවුරුද්දක් පමන වුවත් සරු කාලයේ එකතු වීමට අවස්තාවක් ලැබුනෙම නැහැ. මේ මාසයේදී එය ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මට දින 30ක පමන cycle එකක් තියෙන්නේ. නමුත් vaccine එකෙන් පසු එය තරමක් වෙනස් උනා. දින් 39 ක් පමන දිගු අවස්තාත් තිබුනා. නමුත් ගිය මාසයේ දින 32කින් මට periods හැදුනා. ඉන් පසු ඩිම්බ මේරීමට බෙහෙත් ලබා ගත්තා. එම මාසයෙත් සරු කාලයට දින 5කට පමන පෙර එකතු වීමට අවස්ථාව ලැබුණා. අද මගේ cycle එකේ 28 වෙනි දිනය. Strips check කලත් negative. මම cycle එකේ 30 වන දිනය වන තෙක් බලලා මෙන්සස් හැදෙන්න බෙහෙත් බීවට කමක් නැද්ද? එසේ බීවොත් සරු කාලය වන විට husbandට නිවාඩු පැමිනිය හැකි නිසා.

අසන ලද්දේ: ****

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔසප් වීම ඇති කිරීමට ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. ඩිම්බ මේරීමට ඖෂධ ලබා ගන්නා නිසා මේ ගැන ඔබේ වෛද්‍ය වරයාට පවසා උපදෙස් ලබා ගන්න. සැමියාට නිවාඩු ලැබෙන කාලයට ගැලපෙන ලෙස ප්‍රතිකාර සැලසුම් කර ගැනීමට එවිට පුළුවන්.