Doctor, මම December 8 marry කරන්න ඉන්නේ. අපිට 1 year විතර දරුවෙක් හදන්න පමා කරන්න ඕනි. අපිට මාස 3ක් විතර birth control tablet එකක් use කරන්න පුළුවන් ද? ඒ සඳහා සුදුසු tablet eka මොකක්ද? ඒ tablet eka ගන්න අපි vog doctor කෙනෙක් ම හමු විය යුතුද?
පුළුවන්. උපත් පාලන පෙති මාස 3ක් හෝ වසරක් වුවත් භාවිතා කිරීමෙන් හානියක් වෙන්නෙ නැහැ. නතර කල ඊළඟ මාසයේ සිටම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සුදුසු පෙති වර්ගය තෝරා ගැනීමට විශේෂඥ වෛද්ය වරයෙකු හමුවීම අත්යවශ්ය නැහැ, ඕනෑම වෛද්ය වරයෙකුගෙන් හෝ පවුල් සෞඛ්ය සේවිකාවගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. වසරක් කල් දැමීමට නම් ලූපය හෝ හෝමෝන කරල වැනි ක්රමත් සලකා බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?