Skip to main content
ප්‍රශ්නය

දීර්ඝ කාලීන උපත් පාලන පෙති භාවිතය අහිතකරද මම අවුරුදු 8ක් තිස්සේ මිතුරී පෙති භාවිතා කරමි මාසික ඔසප් වීම සිදු වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි මෙම ඖෂධය ලබා ගනිමින් සිටියදී ගැබ් ගත හැකිද

අසන ලද්දේ: Ac*** · වයස 38

නැහැ. වෙනත් රෝග තත්වයක් නැති නම් උපත් පාලන පෙති දිගු කාලයක් භාවිතා කිරීමෙන් හානියක් වෙන්නෙ නැහැ. පෙති ගන්නා කාලයේ ඔසප් වීම ඉතා අඩුවෙන් සිදු වීම සාමාන්‍ය තත්වයක්. නිවැරදිව පෙති ගන්නා විට ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. නමුත් වසර ගණනක් ගැබ් ගැනීම කල් දැමීමට පෙති වලට වඩා අතුරු ආබාධ අඩු ලූපය හෝ හෝමෝන කරල වැනි ක්‍රම තිබෙනව.