වෛද්යතුමනි මා විවාහ වී දැන් මාස 3 ක් පමණ වනවා. ලිංගික එකතු වීමේදී මාගේ ලිංගේනද්රිය ඇගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී ඇයට අධික වේදනාවක් දැනෙන බැවින් තවමත් ලිංගිකව එකතු වීමට නොහැකි වී ඇත. අප දෙදෙනා අතර ඉතා හොඳ මානසික සබඳතාවයක් පවතින අතර ඇයගේ කිසිම පැකිලීමක් බිය වීමක් ද නොමැත. ඇගේ යෝනි විවරය කුඩා නිසා මෙය සිදුවන බව මාගේ හැඟීමයි. මේ සඳහා ප්රතිකාර ක්රම තිබේද? එසේනම් හමුවියයුත්තේ කුමන විශේෂඥ වෛද්යවරයෙක්ද?
මෙය වැජිනිස්මස් තත්වයක් විය හැකියි. යෝනි විවරය කුඩා වීම හේතුව නොවෙයි. ශ්රෝණි පතුලේ මාංශ පේශි තද වීම නිසා මෙසේ වෙනව. මෙය ප්රතිකාර මගින් සුව කල හැකි නිසා නාරිවේද වෛද්ය වරයෙකු හමුවන්න. වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/431-vaginismus-sexual-pain.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?