Skip to main content
ප්‍රශ්නය

Doctor, මම මැරි කරල ඉන්නෙ මම හරියටම අවුරුදු 4ක් birth control පෙති (mithuri) පාවිච්චි කරා..4 වෙනි අවුරුද්දෙ අන්තිම මාස කීපයේදි(ගිය අවුරුද්දෙ)මට ඔසප් වීම එන්න එන්න අඩු උනා ඒ කියන්න් දින ගාන සහ බ්ලීඩ් වෙන ප්‍රමාණය අඩු උනා..ඊට පස්ස් මම මේ අවුරුද්දෙ ජනවාරි බෙහෙත් නතර කරා කිසිම birth control එකක් මම පාවිච්චි කරේ නෑ..මට ඔසප් වෙන්නෙම නැති තරම් දැන්..මාස 10ක් වෙනව දෙපාරක් විතර spotting වගේ පොඩි ප්‍රමානයක් දවසක් දෙකක් වගෙ උනා එච්චරයි.. මේකට මොකද කරන්නෙ doctor ?

අසන ලද්දේ: Ma*** · වයස 23

උපත් පාලන පෙති නතර කර මාස 10ක් ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මුලින්ම මුත්‍රා පරීක්ෂා කර බලන්න. මෙයට PCOS හෝ වෙනත් හෝමෝන අසමතුලිත තත්වයක් හේතු විය හැකි නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් සහ හෝමෝන පරීක්ෂණ කරවා ගන්න.