Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ ගැටලුව ඔසප්වීම අවසන් වී දින කිහිපයකට පසුව යෝනි මාර්ගය අවට කැසීමක් හට ගැනීමයි. මෙය ඇතිවී දින තුනකට පමණ පසුව UTI එකක ලක්ෂණ ඇතිවූ නමුත් දින දෙකකින් පමණ ඒ තත්වය අඩුවී ගියා. වැඩිවියට පත්වී මාස දෙකකට පමණ පසු(එනම් මීට වසර පහකට පමණ පෙර) ඔසප් දින අතරතුරද මෙවැනි කැසීමක් සමඟ ඒ අවට රැළිවැටුණු ස්වභාවයක් ඇති වුණා. එහිදී විෂබීජනාශක(ඩෙටෝල්) ඉතා ස්වල්පයක් මිශ්‍ර මඳ උණුවතුරෙන් සෝදා සනීපාරක්ෂක තුවා වර්ගයද මාරු කර දින දෙකතුනකින් සුවවුණා. නමුත් දැන් ඉහත පරිදි සේදුවත් පිරිසිදු යට ඇඳුම් නිතර මාරු කරමින් භාවිත කළත් වෙනසක් ඇතිවී නැහැ. මා වෛද්‍යවරයෙකු හමුවිය යුතුද? ඉහත මා අනුගමනය කරන ක්‍රියා පිළිවෙල නුසුදුසුද? ඔබතුමාගේ උපකාරය අගය කරමි. ස්තූතියි.

අසන ලද්දේ: ****

ඩෙටෝල් වැනි විෂබීජ නාශක වලින් යෝනි මාර්ගය අවට සේදීම නුසුදුසුයි. පිරිසිදු වතුරෙන් පමණක් සෝදා කපු යට ඇඳුම් භාවිතා කරන්න. කැසීම දිගටම පවතීනම් හෝ කිරි කැටි වැනි සුද යාමක් තිබේනම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.