Skip to main content
ප්‍රශ්නය

සර් මම 2017 ෆ්‍රයිබොයිඩ් open sugary එකක් කලා. 2018 බබා සීසර් කරලා ලැබුනේ. මගේ සීසර් කට් එකේ හර්නියා එකක් 2019 ආවා. මට හර්නියා එක නිසා වේදනා ඇති වෙන නිසා sugary කරන්න ඕනි කිව්වා. එකත් open sugary එකක් විදියට. මට තව බබෙක් හදා ගන්න ගැටලුවක් වෙයිද හර්නියා එක ඔපරේශන් කරන එක

අසන ලද්දේ: Ro*** · වයස 35

නැහැ. හර්නියා සැත්කම නිසා නැවත ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. නමුත් සැත්කමෙන් පසු තුවාලය ශක්තිමත් වීමට අවුරුද්දක් පමණ ගත වෙන නිසා ඊට පෙර ගැබ් ගැනීම ප්‍රමාද කරන්න. තව දරුවෙකු බලාපොරොත්තු වෙන බව ශල්‍ය වෛද්‍ය වරයාට දැනුම් දෙන්න.