Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්,මම මීට අවුරුදු 9කට කලින් ලූපයක් දැම්මා.මේ ළඟදි ඒක අයින් කරන්න ගියාම එය ගර්භාෂ බිත්තිය පාසාරු කරගෙන මුත්‍රාශයේ බිත්තියෙන් මුත්‍රාශය දෙසට ගිහින් කියලා වෛද්‍යවරුන් කියනවා.එය ඉවත්කිරීම සඳහා ලැපරස්කොපි ක්‍රමයට සැත්කමක් අවශ්‍ය බව පවසනවා.මේ තත්ත්වය ගොඩක් බරපතලද?අවුරුදු 28ක් නිසා ගර්භාෂයට ප්‍රශ්නයක් නොවන ලෙස එය මහමෝදර රෝහලෙන් කරගන්නා ලෙස මට උපදෙස් ලැබුනා

අසන ලද්දේ: ****

ලූපය ගර්භාෂ බිත්තිය හරහා පිටතට යාම කලාතුරකින් සිදු වෙන තත්වයක්. ලැපරොස්කොපි සැත්කමකින් ගර්භාෂයට හානියක් නොවන ලෙස එය ඉවත් කරන්න පුළුවන්. ඉන් පසු ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්න.