Skip to main content
ප්‍රශ්නය

ම්ස් මගේ විස්තරේ නිර්ණාමිකව පේජ් එකේ දාන්න පුලුවන්ද? අපි මැරි කරලා දැන් අවුරුදු 6ක් වෙනවා. මන් ලොකු මානසික පීඩාවකින් ඉන්නේ. මොකක් හරි උපදේශන සේවාවක් තියනව නම් එහෙම කෙනෙක් හරි මට සම්බන්ධ කරලා දෙන්න. මගේ කැමැත්තට කසාද බැදපු නිසා ගෙදරටවත් කියන්න හිත දෙන්නේ නෑ මට. මේ අවුරුදු 5ටම එක පාරක් මට පොසිට්ව් වුනා. එත් අවාසනාවකට මාස තුනක් යන්නත් කලින් ඇබෝශන් වුනා. ගෙදර තිබ්බ ප්‍රශ්න වගයක් නිසා බැදලා අවුරුදු 3ක් යනකොට මට බ්ල්ඩ් ශුගර් ආවා. හැබැයි ඊට කලින් මන් ප්‍රෙට්නට් උනේ නෑ. අපි කවදාවත් කිසිම දෙයක් පාවිච්චි කරල පරිස්සම් වෙලත් නෑ. ගිය අවුරුද්දේ මන් ප්‍රෙට්න්ට් උනා. එතකොට තමයි දැනගත්තෙ මට පොලිටිස්ටික් ඔවරින් කියන ලෙඩේ තියනවා කියලා. ශුගර් තියන එකත් ඇබෝශන් එකට බලපාන්න ඇති කියලා. මගේ හස්බන්ගේ ශුකරාණු කවුන්ට් එකත් හොදටම අඩුයි. මන් ප්‍රෙට්න්ට් උනේ එයා අර්ශ්ස් වලට අමාරුවෙලා දෙන්නම ඇග නිවෙන කෑම කන්න ගත්ත දවස් වල. එත් දරුවෙක් ගැන ප්‍රශ්නයක් වෙන හැම වෙලාවෙම එයා චෝදනාව මට දාන්නේ. මේ දවස් වල මන් පොලිට්ස්ටික් ඔවරින් ලෙඩේට විඕජී කෙනෙක්ගෙන් බේත් ගන්න ගමන් ශුගර් අඩු කරගන තියෙන්නෙ. ඩොක්ටර් සරුයි කියපු දවස් 10- 14 වෙනකම් දවස් කිවා. එත් එයා මොකක් හරි හේතුවක් එක්ක මාව මග අරිනවා. එහෙම කරලා මටම චොදනා කරනව මට දරුවෝ නෑ කියලා. මන් දරුවෙකුට පුදුම ආසාවකින් ඉන්නේ. සමහර වෙලාවට රෑට නින්ද යන්නෙත් නෑ. එයා නම් අනිත් පැත්ත හැරිලා හොදට නිදා ගන්නවා. අනිත් දෙවල් වලට කොච්චර බෙත් කරත් මානසික නිදහස මට හොයාගන්න නෑ. මන් මැරි මැරි ජීවත් වෙන්නේ. අනිත් මිනිස්සු ජීවිතේ විදිද්දි මන් ජීවිතේ විදෝනවා. මන් රස්සාවක් කරන නිසා මගේ පුද්ගලිකත්වෙට හානි වෙන නිසා ප්‍රසිද්ධියේ මට කාටවත් මේක කියන්න බෑ. ශුගර් තියෙද්දිත් ප්‍රෙට්නට් උනා කියන්නේ මන් ප්‍රෙට්නට් වෙන්න අවස්තාවක් තියනවා නේද? මන් කවදාවත් වෙන පිරිමියෙක් ලගට ගිහින් නෑ. එත් එයාගේ කවුන්ට් එක අඩු එක ගැන කියද්දි මට චෝදනා කරනවා එහෙනම් උබ කලින් පොසිටිව් උනේ වෙන මිනිහෙක්ගෙන්ද කියලා. අනේ පුළුවන් කෙනෙක් මට උදව් කරන්න. වෙලාවකට හිතෙනවා වහ ටිකක් බොන්න. නැත්තම් ඩිවෝස් වෙන්න හිතෙනවා. ඔලුව පුපුරන්න රිදෙනවා. මට උපදෙසක් දෙන්න. මේ වෙලාවේ ගොඩක් අසරණයි මන්.

අසන ලද්දේ: ****

PCOS සහ සැමියාගේ ශුක්‍රාණු අඩු වීම දෙකම දරු ඵල පමා වීමට හේතු වෙනව. ඒ නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. සරු කාලයේ ලිංගික එක්වීම සිදු වෙන්නෙ නැති නම් IUI ප්‍රතිකාරය ගැන ද සාකච්ඡා කරන්න.