Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මා සිටිනන්නේ පිටරටකය. මාහට කලින් ගැටලුවලට පිලිතුරැ නොලැබුන නිසා. මා හට මෙම ගැටලුවටවත් පිලිතුරැ සපයන මෙන් ඉල්ලා සිටිමි . මා ගේ සති පහක් ගතවි දකුණු පැලොපියන් ටියුබ් එකේ දරැවා තදවි එම ටියුබ් එක හා දරැවා අයින් කරා සිසේරියන් සැත්කමකින්. දැන් දින 25 ගතවි ඇත. මාහට ඇති ගැටලුව වන්නේ පපුව වම් පැත්තේ ඇති වන සිතල බව හා හද ගැස්මයි . මෙය මා රොහලේ සිටි විටත් පැවතුන විට ත් එය හද ගැස්මත් සාමන්‍ය ,රැධිර පිඩනය සැම දෙයක්ම සාමාන්‍ය බව වෛද්‍ය වරැ අනුමත කලද මට එය එලෙසම පවතිනවා . එය රොග තත්වයක්ද? තව ගැටලු වක් නම් මගේ උදරය පිපුමක් වගේ උදරය ඉදිරියට නෙරිමක් ඇත එවිට මට තරමක අපහසු තාවයක් ඇතමෙය රොග තත්වයක් වේද? මාහට පඩි පේල වල් බැසිම හා නැගිම , ඇවිදිම සුදුසුද? මාහට නැවත දරැවෙක් අපේක්ෂා කල හැකි කාලය හා ගැබිනි මවක් විමට මට හැකිද? නැවතත් දරැ ගැබ ටියුබ් එකේ ඇති වි මෙලෙස ම කරදරයක් වේද? නැත්නම් සාමන්‍ය ගැබිනි බවක් මට හිමි වේද? ටියුබ් එකේ බබා රැදෙන්නේ රොග තත්වයක් නිසාද? එය වලක්වා ගැනිමට කල හැකි යමක් ඇතිද? එලෙසම මා හට දරැවා හම්බවන විට සාමන්‍ය ලෙස දරැවා හම්බව්මට හැකිද? නැත්නම් සිසේරියන් සැත්කමක් කිරිමට වේද? මාහට කරැණාකර පිලිතුරැ ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

අසන ලද්දේ: Ac*** · වයස 32 · 745 views

පිළිතුර

මින් පෙර ඔබේ ගැටළුවක් අප වෙබ් අඩවියට ලැබී නැත. සැප්තැම්බර් මස 24 වන දින තෙක් ලැබුනු සියළුම ගැටළු වලට මේ වනවිට පිළිතුරු සපයා ඇති. මෙම සේවාව සඳහා දිනකට විශාල ගැටළු සංඛ්‍යාවක් ලැබෙන බැවින් ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමට සමහර විට දින දෙකක පමණ කාලයක් ගත වෙනව.

ඔබේ වෛද්‍ය වරුන් සඳහන් කර ඇති පරිදි මෙය රෝග තත්වයක් නොවෙයි. සාමාන්‍ය ලෙස එදිනෙදා කටයුතු වල යෙදෙන්න. ඔබ ලැපරොස්කොපි ශල්‍යකර්මයකට භාජනය වුනි නම් මේ වන විට ව්‍යායාම වල පවා යෙදීමට හැකියාව තිබෙනව. විවෘත ශල්‍යකර්මයක් නම් තව සති දෙකක් පමණ සිට සාමාන්‍ය ලෙස ව්‍යායාම ආරම්භ කරන්න පුළුවන්.

නැවත ගැබ් ගැනීමට ඊලඟ වර ඔසප් වීමෙන් පසුව උත්සාහ කල හැකියි. එය සාමාන්‍ය ගැබ් ගැනීමක් වීමට වැඩි ඉඩ කඩක් තිබෙනව. සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්නේ නැහැ.