නම: ති***� | වයස: 23
ගැටළුව

වෛද්‍යතුමනී ,Laparoscopy Test එකේ කරන්නේ ගර්භාෂය ඉවත් කිරීම පමණද ? එම පරීක්ෂණ මගින් ඇතුළත ඇති දරුවෙක් නොලැබීමට හේතු සොයා ගත හැකි නේද ? මෙය test 2ක් නේද ? Laparoscopy මඟින් ගර්භාෂය ඉවත් කිරීමට දළ වශයෙන් කොපමණක් මුදලක් වැය වේද ? Laparoscopy test මඟින් දරුවෙක් නොලැබීමට හේතු සොයා ගැනීමේ පරීක්ෂණයේදී දළ වශයෙන් කොපමණක් මුදලක් වැය වේද ? මෙය පහදා දෙන්න

පිළිතුර


ලැපරොස්කොපි ක්‍රමයට කල හැකි ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් තිබෙනව. ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍ය කර්මය ඉන් එකක් පමණයි. දරුඵල පමා වීමට හේතු සොයා බැලීම ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සිදු කල හැකියි. ඒ සඳහා වැය වෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යෙයන් රුපියල් 75000 සිට 100000 දක්වා මුදලක් මේ සඳහා වැයවිය හැකියි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)