සුද යාම කියන්නෙ රෝග තත්වයක් නොවෙයි. සෑම කාන්තාවකටම යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවෙනව. මෙලෙස පිටවෙන ස්‍රාව ප්‍රමාණය එක් එක් කාන්තාවට වෙනස් වෙනව. ඔබට සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් වැඩි ස්‍රාව ප්‍රමාණයක් පිටවෙනව විය හැකියි. නමුත් මෙය ඖෂධ ප්‍රතිකාර වලින් අඩුකරන්න බැහැ. ඒ නිසා දරුඵල අහිමි වීම හෝ කෙට්ටු වීම වැනි සංකූලතාවයන් ඇති වෙන්නෙ නැහැ. යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් ඇති නම් පමණයි මෙයට ප්‍රතිකාර ගතයුතු වෙන්නෙ. යෝනි මාර්ගයේ ඇතිවෙන දිලීර ආසාදන ගැන පහත ලිපියෙන් තොරතුරු දැන ගන්න පුළුවන්
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)