Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි ,ගර්භණී බවේ ලක්ෂණ මොනවාද ? ඒවා ඇතිවන්නේ ලිංගික එක්වීමකින් කෙතරම් කාලයකට පසුද? hcg test එකක් මගින් එය දැනගත හැක්කේ කෙතරම් කාලයකට පසුද?

අසන ලද්දේ: Si*** · වයස 28 · 12857 views

පිළිතුර

ගර්භණී බවේ මූලික ලක්ෂණය වෙන්නේ නියමිත දිනයට ඔසප් වීම සිදු නොවීමයි. එලෙස ඔසප් වීම පමා වෙන්නේ නම් මුත්‍රා පරීක්ෂා කර ගර්භණී දැයි දැන ගත හැකියි. එම පරීක්ෂණ වාර්තාව නෙගටිව් නම් නැවත සතියකින් පමණ පරීක්ෂා කිරීමෙන් නිවැරදිවම ගැබ් ගෙන ඇති දැයි දැන ගන්න පුළුවන්. අනිකුත් ගර්භණී ලක්ෂණ ඇති වීමට මීට වඩා කාලයක් ගත වෙනව.