නම: චත***� | වයස: 20
ගැටළුව

මට මාසික ඔසප් වීම නිසි ආකාරව සිදු වෙන්නේ නෑ. මං වැඩිවියට පත් වුනේ 2009 එදා ඉදන් 2012 දෙසැම්බර් මාසය වෙනකන් හරියට ඔසප් වීම සිද්ද වුනා. දෙසැම්බර් මාසයේ ඉදන් මාස තුනක් එක දිගට ඔසප් වුණා. සමහර දිනවලට තිබ්බේ නෑ මං බෙහෙත් ගත්තාම මට ඒ ඩොක්‍ටර් මිතුරි බොන්න කිව්වා ඒක දවස් දෙකක් බොනකොට මට සුව වුනා. එදා ඉදන් මට හරි දිනේට ඔසප් වුණේ නෑ සමහර මාස වල හැදුන්නෑ.නැවත වතාවත් එලෙසම සිදු වුනා මම VOG ඩොක්‍ටර් ස්ලා දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා සුව උනේ නෑ ඊට පස්සේ ද සොයිසා කාන්තා රෝහලට ගියා පස්සේ scan එකක් අරන් කිව්වා මගේ ඩිම්බ මෝරන්නෑ කියලා මට oralcon f සහ tranexamic acid, xamic tablet දුන්නා .. මට කිවා oralcon f කියන ටැබ්ලට් එකෙ අවසාන රතු පට පෙති බොන්න පටන් ගදි නැවත මාසික ඔසප්පු විම වෙයි කියලා.. දැන් රතු පට පෙති බොන 3 වෙනි දවස නමුත් මට ඔසප්පු විම පටන් ගත්තේ නෑ.. ඩොක්ටර් ඇයි එහෙම වෙන්නෙ..?? නිසී ආකාරව ඔසප්පු විම වෙයි කියලයි කිවේ රතු පට පෙති බොදි... තවමත් නෑ..

පිළිතුර


ස්කෑන් පරීක්ෂයේදී තිබූ තත්වය පැහැදිලි නැහැ. සමහරවිට හෝමෝන අසමතුලිත වූවිට මෙම ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන අවස්තා තිබෙනව. මෙයට හේතුව සොයා බැලීමට අවශ්‍ය නම් වැඩි දුර පරීක්ෂණ කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)