චීස් වගේ සුදු පැහැ සුද යෑමට හේතුව මොකක්ද?
What causes thick cheese-like white vaginal discharge?
වෛද්‍යතුමනි අදට මට වයස අවුරුදු දහහත පසුවී දින අටකි..මට තිබෙන ගැටලුව නම් සුද යෑම පිළිබඳවයි..දැන් දින හතරක පහක පමණ පෙර සිට මගේ යෝනිය තෙත් වෙන්නට පටන් ගත්තා ඒකෙන් අදහස් වෙන්නෙ උත්තේජනය වී පිටවීමක් නෙවෙයි මම ඇතැම් විට නිල් චිත්‍රපට බැලීමද සිදු කරනවා නිතරම නෙවෙයි සති දෙක තුනකට වරක් වගේ එවිට මගේ යෝනිය උත්තේජනය වී තෙත් වෙනවා අද දින උදෑසන මා අවදි වී බලන විට යම් සුදු පැහැ ද්‍රාවණයක් තිබුණා ඒවා චීස් වගේ හරියට හෙම්බිරිස්සාවක් කල්ගත වුනාම තියෙන හොටු වගේ...මා මීට පෙර යම් යම් දේ ගැන තනිව කල්පනා කරමින් සිටියද මගේ යෝනිය තෙත් වෙන්නෙ නෑ මට දැන් අවුරුද්දක පමණ සිට දැඩි ලෙස පීනස රෝගය තිබෙනවා මා ඊට ප්‍රතිකාර ගත්තද කලක සිට නවතා දැමුවා මීට දින පහකට පමණ පෙර මා යළි බෙහෙත් පාවිච්චි කළා ඉංග්‍රීසි බෙහෙත්...මගේ හිතට දැඩි බියක් දැනෙනවා මෙය සුද යෑමේ ආරම්භයද කරුණාකර මට පිළිතුරක් ලබා දෙන්න මා කුමක් කළ යුතුද
මෙයට හේතුව අසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව. https://www.vog.lk/1000-vaginal-candidiasis.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?