ප්‍රශ්නය
වෛද්‍යතුමනි තුමනි . මාගේ කලලයට 6කි. මෙය මගේ පළමු පිළිසිඳගැනීම. දින 5ක පමණ සිට යෝනි මාර්ගයෙන් රැධිරය පිට වනු දක්නට ලැබිණ . එය දැනගත් වහාම හා නාරි විශේෂ්‍යඥ වෛද්‍ය උපදෙස් මත scan පරික්ෂණයක්ද කර ගතිමි . එතුමන් විසින් යෝනි මාර්ගයෙන් අැතුල් කරන හෝමෝන කරලක් මාස 1 1/2ක් යන තුරු භාවිත කරලෙස නියම කරන ලදී . නමුත් තවමත් ටිකෙන් රැධිරය පිට වෙයි . දැන් මා පසු වන්නේ ඉතාමත් බිය විිිය. මා නැවත scan පරීක්ෂණයක් ගත යුතු ද . ඉක්මන් පිළිතුරක් පතමි .
පිළිතුර
දිගින් දිගටම රුධිර වහනය සිදුවේනම් නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර දරුවා නිරෝගීවදැය දැන ගන්න.