Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ඩොක්ට සියලු පරීක්ෂණ නෝමල් . ඒත් බබාලා පරක්කුයි .ඩිම්බ මේරීඑට දෙන ඖෂධ ලබා ගෙන ස්කෑන් කරලා බෙහෙත් විදලා සරු දවස් දැන ගත්තා . ඒ ස්කෑන් එකේදි කීවා පොඩි මස් දල්ලක් තියෙනවා මේ සැරෙත් හරි නොගියොත් womb wash එකක් කරන්න එන්න කියලා . මට දැන ගන්න ඒනෙ මේ ගැන වැඩි විස්තර .ඇයි එහෙම වෙන්නේ ? බබාලා හැදෙන්නේ නැද්ද එතකොට?womb wash එකක් ප්‍රයිවට් හොස්පිට්ල් එකක කරනවා නම් කීයක් වියදම යනවද?

අසන ලද්දේ: wa*** · වයස 27 · 1220 views

පිළිතුර

මේ සඳහා හිස්ටරොස්කොපි සැත්කමක් සිදු කිරීම වඩා සුදුසුයි. නමුත් ඒ සඳහා පහසුකම් සෑම රෝහලකම නැහැ. වැය වෙන මුදල රෝහල සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව.