නම: Di*** | වයස: 39
ගැටළුව

Sir mage babala 4 denekma sathi 14.16.21.20 siyalu wathura gihin mehuma dala thiyeddith nethi una.mama sirgen meeta pera wimasaddi pewasuwe leparascpy margayen mehuma demiya yuthu baway.mage vog sir pewasuye jana parikshanayak kara beliya yuthu baway jana getalu nissa ese wathura yanawada.leparascopy mehuma rajaye rohal wala sidu karanawada.tawada mewara was kala pasu masa 2 1/2 with guru pata kaha pata samahara welawata la bleeding mix una sawayak yoni pedese pawathi .vog sir pewasuye siyalu test walin pasuwa homona prasnayaj lesa beheth duni.me siyallata wisadumak denna sirta godak pin.

පිළිතුර


ඔබ සඳහන් කල කරු‍ණු වලට අනුව මෙයට බොහෝ දුරට හේතු ගැබ්ගෙලේ දුර්වලතාවයක් විය හැකියි. එවිට මැහුමක් යෙදීමෙන් නැවත එසේ වීමට හැකියාව අඩු වෙනව. මැහුමක් යෙදීම යෝනි මාර්ගය හරහා, වීවෘත ශල්‍ය කර්මයක් මගින් හෝ ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකල හැකියි. ලැපරොස්කොපි මාර්ගයෙන් මෙය සිදුකිරීම බොහෝ රජයේ රෝහල් වල සිදු කරන්නේ නැහැ. ජාන පරීක්ෂාවක් කර මෙයට හේතු වෙන ජානමය රෝගී තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් එවැනි රෝග තත්වයක් ඇතිනම් එයට කල හැකි ප්‍රතිකාරයක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන ආකාරයට කටයුතු කරන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)