Skip to main content
ප්‍රශ්නය

ෆෝලික් ඇසිඩ් පස්සේ බොන්න පටන් ගැනීම දරුවාට බලපායිද?

Does starting folic acid late affect the baby?

ඩොක්ටර් මෙන්සස් නැවතිලා සුමානයකින් මන් දරුවෙක් ලැබෙන්න කියලා දැන ගත්ත් විවාහ වුනාට පස්සේ ෆෝලික් ඇසිඩ් බොන්න කියලා කිව්වට මට ඒ දේ කරන්න බැරි උනා ඒත් බබෙක් ලැබෙන්න කියලා දැනගත්ත දවසේ ඉදන් ෆෝලික් ඇසිඩ් බොනවා නමුත් ප්‍රමාද වී ෆෝලික් ඇසිඩ් බීමට පටන් ගැනීම දරුවාට කෙසේ බලපාවිද‍

අසන ලද්දේ: මල*** · වයස 33

ෆෝලික් ඇසිඩ් මගින් දරුවාගේ හිස සහ කොඳු ඇට පෙල ආශ්‍රිතව අැති වෙන අසාමාන්‍යතාවයන් අඩු කරනව. නමුත් ආහාර වලත් ෆෝලික් ඇසිඩ් යම් ප්‍රමාණයක් තිබෙන නිසා කලින් නොගැනීම නිසා දරුවාට සැලකිය යුතු බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණ මගින් දැන ගැනීමට හැකියාවත් තිබෙනව.