Skip to main content
ප්‍රශ්නය

මම ප්‍රෙග්නට් කියල දැනගත්තෙ ඊයෙ...... ස්කෑන් කරහම කිව්ව බබාට දැනට මාස 7ක් කියලා....... තාම මම මොකුත් බෙහෙත් වර්ගයක්වත් එන්නතක්වත් අරගෙන නැහැ.... බබා ගබ්සාවක්වෙන්න ඉඩ තියනවද...

අසන ලද්දේ: La*** · වයස 25

නැහැ. මාස 7ක ගර්භණී කාලයකදී ගබ්සාවක් සිදු වෙන්නෙ නැහැ. මෙතෙක් ඖෂධ හෝ එන්නත් නොගැනීම නිසා බොහෝවිට දරුවාට හානියක් වී නැහැ. ඉක්මනින් ප්‍රසව සායනයකට ලියාපදිංචි වී ස්කෑන් සහ රුධිර පරීක්ෂණ කරවා ගන්න. රුධිර වහනයක්, වතුර වැනි ස්‍රාවයක් හෝ බබාගේ චලන අඩු වුණොත් වහාම රෝහලට යන්න.