Skip to main content
ප්‍රශ්නය

මවුකිරි දෙන කාලේ ඔසප් වීම පමා වුණොත් ගැබ් ගෙනද?

Is a late period while breastfeeding a sign of pregnancy?

මට අවසන් වරට මෙන්සස් හැදුනේ අප්‍රේල් මස 9 වෙනිදා. නමුත් මෙම මස දින 7 ක් පසු වුනත් තාමත් හැදුනේ නැහැ. මා කිරි දෙන මවකි. දරුවාගේ වයස අවු 1 මාස 3. මා පවුල් සැලසුම් ක්‍රමද අනුගමනය කරමි. (කොන්ඩම්) මෙය සාමාන්‍ය දෙයක්ද? නැතිනම් දරු පිළිසිද ගැනීමක්ද? නැවත ඉදිරි මසයේ මෙන්සස් ආරම්භ වෙයිද? ස්තුතියි.

අසන ලද්දේ: වස*** · වයස 32

ඔසප් වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපානව. ගැබ් ගෙන ඇතිදැයි මුත්‍රා පරීක්ෂණයක් මගින් පරීක්ෂා කර බලන්න.