Skip to main content
ප්‍රශ්නය

සති 36දී ස්කෑන් එකේ බර 1700g නම් දරුවා කුඩාද?

At 36 weeks the scan weight is 1700 g: is the baby small?

ඩොක්ටර් දැනට සති 36 යි.. මේ දක්වාම සාමාන්‍ය විදිහට තිබුනා...ඒත් අද දින මා මාගේ වෛද්‍යවරයා වන සනත් ලැනරෝල් මහතා හමු වූ පසු ඔහු ස්කෑන් කර බලා වතුර අඩු වීමක් පෙන්නුම් කරනවා කියා වත්තල හේමාස් රෝහලෙන් වෛද්‍ය ටිරාන් ඩයස් මහතාගෙන් සකෑන් පරීක්ෂනයක් කර පෙන්වන ලෙස පැවසුවා...මෙම දිනවල වෙසක් නිවාඩු බැවින් ටිරාන් ඩයස් මහතා යලි සෙනසුරාදා පැමිනෙන්නේ....ඇයි ඩොක්ටර් මෙසේ පවසන්නේ...ස්කෑන් පරීක්ෂනයේ බර ලෙස සටහන් වුනේ 1700g ලෙසයි...එහෙත් මාගේ බර සාමාන්‍ය ලෙස වැඩි වෙලා....මොකක්ද ඩොක්ටර් මේ ගැටලුව...සෙනසුරාදා වනතෙක් ඉවසන්න බැරිව ඉන්නේ...ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

අසන ලද්දේ: Vi*** · වයස 26

මේ වන විට ඔබ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගෙන ඇති. දරුවා කුඩා වීම ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව

http://www.vog.lk/512-iugr.php