Skip to main content
ප්‍රශ්නය

දිනපතා දුර ගමන් යාම දරු ගැබට බලපානවද?

Does travelling a long way every day affect the pregnancy?

ඩොක්ට මම දැන් සති 12 ක ගැබිනියක්. ඩොක්ට මම හැමදාම කිලෝ මීටර් 24 ක වගේ දුරක් ගෙවලා තමයි වැඩට යන්නේ. මෙහෙම දුර යන එක මගේ බබාට බලපායිද කියලා දනැ ගන්න කැමතියි. අනික ඩොක්ට යකඩ පෙති කැල්සියම් හා විටමින් සී බොනවා මම. ඒවා බොන්න ඔනි ආහාර ගෙන පැය කීයකට පසුද.යකඩ පෙති උදේට ද රෑටද බොන්න ඔිනි

අසන ලද්දේ: ch*** · වයස 31

ගමන් කිරීම නිසා දරු ගැබට බලපෑමක් නැහැ. යකඩ සහ කැල්සියම් පෙති එකම වේලාවේ ගැනීම සුදුසු නැහැ. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති පරිදි අවස්තා දෙකකදී මෙම පෙති ලබා ගන්න. ඒ සඳහා විශේෂ වෙලාවක් නිර්දේශ කරන්න බැහැ.