නම: නි***� | වයස: 31
ගැටළුව

ඩොක්ටර් , මට 2015 ,2016 මිස්කරේජ් 2ක් වුනා. පළවෙනි පාර ප්‍රෙග්නන්ට් වුනාම බඩේ වම් පැත්තෙන් නිතර වේදනාවක් එන්න ගත්තා, නිකන් කොනිත්තනවා වගේ සැරින් සැරේ. මට මේක ගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඩොක්ටර් ස්කෑන් කරලා කිව්වේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් මාස 3ක් වෙනකොටම බබා නැති වුනා. ඊට පස්සේ හැම මාසෙම මට සැරින් සැරේ අර වේදනාව එනවා.බඩ ,ගර්භාෂෙ වෙන වෙනම ස්කෑන් කරත් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියනවා. දැන් මං ආයෙම ප්‍රෙග්නන්ට්. අර වේදනාව දිගටම තියෙනවා. මං ලොකු බයකින් ඉන්නේ. මේ සැරෙත් මොනා හරි වෙයි කියලා. ඩොක්ටර් මේක ඇත්තටම මොකක් වෙන්න පුළුවන්ද ? මේ වේදනාවෙයි බබා නැතිවෙන එකෙයි සම්බන්ධයක් තියෙනවද ?

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. වේදනාව ගබ්සාවන්ට සම්බන්ධ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)