Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමණි මම සති 17ක ගැබිණි මවක්, පෞද්ගලිකව ප්‍රසව හා නාරි වෛද්‍යවරයා මුණගැසුණු අවස්තාවේ ආහාර අරුචිය නිසා පරීශණ කිහිපයක් සිදු කර ගැනීමට ලබා දුන්නා.එහිදී T.S.H අගය (0.927) සාමාන්‍ය මට්ටමක පැවතුනත් Free T4 අගය (2.35) ඉහල මට්ටමක පැවතුණා. අදාල වෛද්‍යතුමා නිවාඩු ලබා සිටින නිසා මෙම වාර්තා රෝහල් වාට්ටුවේ සාමාන්‍ය වෛද්‍යවරියකට පෙන්වීමට මට උපදෙස් ලබා දී තිබුණා. Free T4 මට්ටම වැඩි බව එතුමිය පැවසුවත් අදාල වෛද්‍ය තුමාගෙන් දුරකතනයෙන් තොරතුරු විමසීමෙන් පසු නැවත වෛද්‍යතුමා මුණගැසෙන දිනයට වාර්තා පෙන්වන ලෙස පැවසුවා. මට නැවත වෛද්‍යතුමා (vog sir) මුණගැසීමට දින ලබාදී තිබෙන්නේ අප්‍රේල් 4 වනදායි. එය ගැටලුවක් නොවන බවත්, එම දිනයට අදාල වාර්තා පෙන්වන ලෙසත් වාට්ටුව බාර වෛද්‍යතුමිය පැවසුවා. පෙබරවාරි 25 ලබාගත් මෙම වාර්තා වල ගැටලුවක් ඇත්නම් අප්‍රේල් 4 වන තෙක් කිසිදු ප්‍රතිකාරයක් නොකර සිටීම සුදුසුද? මෙය එතරම් ගැටලුවක් නොවන තත්වයක්ද? දරුවාට අහිතකර අයුරින් බලපෑමක් වන තත්වයක් පවතීද? ඔබතුමාගෙන් යම් පිළිතුරක් අපේක්ශා කරමි. ස්තූතියි.

අසන ලද්දේ: මධ*** · වයස 28 · 637 views

පිළිතුර

මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.