Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

මම විවාහ වී වසර 8 ක් පමන වෙනවා. 2006 සිට එන්ඩොමෙරෙියොසිස් රෝගයෙන් පීඩා විදිනවා. විවාහ වුනේ 2009.මුලින්ම මගේ ගමේ vog sirගෙන් ප්‍රතිකාර කලා. ඔහු මට ලැපරොටොමි ශල්‍යකර්මය සිදු කර තැන්පත් කිරීම් කීපයක් කලත් සාර්තක වුනේ නෑ. පසුව මම කොලඹ ප්‍රසිද්ධ යැයි සැලකෙන වෛද්‍යවරැන්ගෙන් ප්‍රතිකාර කලත් සාර්තක වුනේ නෑ. අවසානයට බැලු වෛද්‍යවරයා ප්‍රකාශ කලේ පුතිකාර කිරිම පලක් නැති බවත් ivf ක්‍රමයට යා යුතු බවයි. වේදනා සමනයට මිතුරි පෙති පාවිච්චියෙන් මෙන්සන්ස් හැදීම නැවැත්තුවා. දරුවෙකු ලැබා ගැනීමේ නොනිමි ආශාවක් තියෙනවා. ඒත් නල දරු ක්‍රමයකට යාමට තරම් මුදල් අපට නැහැ. මට කල හැකි ප්‍රතිකාර තිබේද ?

අසන ලද්දේ: Im*** · වයස 34 · 474 views

පිළිතුර

දරුණු ලෙස එන්ඩොමෙට්‍රිියෝසිස් රෝගය ඇති නම් එය සුව කිරීමට ලැපරොස්කොපි සැත්කමක් සිදු කිරීම සමහරවිට උපකාරී වෙන්න පුළුවන්. නමුත් වඩාත් සුදුසු වෙන්නේ IVF ප්‍රතිකාරය කිරීමයි.