Skip to main content
ප්‍රශ්නය

එක්වීමේදී වියළි බව ගැබ් ගැනීමට බාධාවක්ද?

Is vaginal dryness during sex a barrier to conceiving?

Sir, lingika ekweemedi pawatina wiyali gatiya babek athi wenna badawakda? ae wagema sukranu apasu eliyata ema nisath mehema wenna puluwanda

අසන ලද්දේ: Sa*** · වයස 35

නැහැ. වියලි ගතිය නිසා වේදනාවක් හෝ අපහසුතාවක් නැතිනම් ගැටළුවක් නැහැ. සාමාන්‍යයෙන් තැන්පත් වන ශුක්‍ර තරල කොටසක් අාපසු පැමිණීම සිදුවෙනව. ශුක්‍රාණු යෝනි මාර්ගය තුල තැන්පත් වූ පසු පිහිනා ගැබ්ගෙල හරහා ගර්භාෂය තුලට ගමන් කරනව. තැන්පත් වන මිලියන ගනනක් ශුක්‍රාණු වලින් සංසේචනය සඳහා අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි.