Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු තැන්පත් කිරීම කියන්නේ මොකක්ද? වියදම කීයද?

What is sperm insemination, and what does it cost?

Mama marri karala avuruthu 3 thama babala ne vog kenek lagata giya test kipayak kala shrakanu thanpath karanna one kiwa ekakethi mokakda karanne kochchara mudalak yaida

අසන ලද්දේ: Sa*** · වයස 26

ශුක්‍රාණු ලබා ගෙන රසායනාගාරය තුල ගුණාත්මක ශුක්‍රාණු තෝරා පිරිසිදු කර ඒවා ගර්භාෂය තුලට ඉතා සිහින් බටයක් ආධාරයෙන් තැත්පත් කිරීමයි මෙහිදී සිදු වෙන්නෙ. මෙම ප්‍රතිකාරය රජයේ සායන කිහිපයකදී නොමිලේ ලබා ගැනීමේ හැකියාව තිබෙනව. පුද්ගලික අංශයේ මෙම ප්‍රතිකාරය සඳහා යන වියදම ඔබ ප්‍රතිකාර ලබා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. සාමාන්‍යයෙන් රුපියල් 5000ත් 1200ත් අතර මුදලක් විය හැකියි්‍