Skip to main content
ප්‍රශ්නය

බබාගේ ඔලුව තියෙන තැන කෙටි කැක්කුමක් එන්නේ ඇයි?

Why the brief sharp pain where the baby's head lies?

වෛද්‍යතුමනි මා දැන් ගත කරන්නේ ගර්භනී බවේ 25 වන සතියයි..මෙතෙක් මා හට කිසිදු වේදනාවක් නොදැනුනා...බාබ දගලන්නට දැනී දවස් දෙකක් පමණ ගතවූ පසුව මාගේ යටි බඩේ දකුණූ පස කෙලවර විටින් විට සියුම් වේදනාවක් ඇති වී ඉක්මනින් නැතිවී යනවා...විනාඩියක්වත් තිබෙන්නේ නැහැ වේදනවා....මා වෙද්‍යවරයා හමු වී ස්කෑන් පරීක්ෂණයක් කල පසුව ඔහු පැවසුවේ බබාගේ ඔලුව එතන තිබෙන නිසා කැක්කුම එන බවයි...ඉන් පසු ඔහු Vegostone 200 දිනපතා එක බැගින් ඇතුලු කරන්න දුන්නා...සති දෙකකින් නැවත පැමිණෙනකන් එය ඇතුල් කරන්න කිව්වා...මෙවැනි තත්වයක් ඇතිවෙන්නේ ඇයි ඩොක්ටර්..සාමන්‍යෙයන් බබාගේ ඔලුව පිහිටන්නේ එතනද...කැක්කුම ඇතිවන වේලාවට එම ස්ථානය පිරිමදිද්දී කැක්කුම නැතිවෙලා යනවා...

අසන ලද්දේ: Ni*** · වයස 25

ඔව්. මෙය සාමාන්‍ය තත්යවක්. වේදනාව අඩුවේ නම් මේ ගැන විශේෂයෙන් සැලකිළිමත් වීම අවශ්‍ය නැහැ.