Skip to main content
ප්‍රශ්නය

හතර වතාවක්ම ගබ්සා වෙන්නේ ඇයි? නල දරු ප්‍රතිකාර ඕනද?

Why four miscarriages, and is IVF needed?

වෛද්‍යතුමනි ,
මට අවරුදු 8 ක පුතෙක් ඉන්නවා.දැන් අවුරු හතරක සිට තව දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා..එ සදහා බෙහෙත් ගත්තා ..පසුව දරුවන් හතරක් ගබ්සා උනා..එහෙම වෙන්න ඇයි..මට නළදරු ප්‍රතිකාරයට යන්න වේවිද..එඅ සදහා යායුත්තේ කොහාටද..ගාස්තුව කොහොම වේවිද..සාමාන්‍ය විදිහට දරුවකු සැදිය නොහැකිද..

අසන ලද්දේ: na*** · වයස 34

ඹබ 4 වතාවක්ම සාමාන්‍ය ලෙස ගැබ් ගෙන ඇති නිසා නල දරු ප්‍රතිකාරය අවශ්‍ය වෙන්නේ නැහැ. ගබ්සාවීමට හේතුවක් ඇතිදැයි සෙයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉන් පසු නැවත ගැබ් ගත් වහාව විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.