Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍ය තුමනි ගර්භනි යයි දැන ගත් පසුව පවුල් සෞඛ්‍ය මිස් අප නිවසට පැමින අදාළ කාඩි පත ලිවිය යුතුයිද.නැතහොත් දුර කතන මාර්ගයෙන් ලියන්නට පුළුවන්ද.මාසිකව නිවසට පැමිණිය යුතුයිද.දැනට මාස 3ක් ඉක්ම වුවත් කිසිම අවස්ථාවක නිවසට පැමිණියේ නෑ.මට දැනුමි දිය යුතු කිසිම කෙනෙකු නොමැති නිසා මා ඔබතුමාගෙන් සහාය පතනවා.අතිදුෂ්කර ගමක සිටින අපිට කිසිම පිළිසරනක් නොමැති හෙයින් පිහිට වන්න.ගොඩක් පිං.තෙරැවන් සරණයි!!!

අසන ලද්දේ: Ch*** · වයස 26 · 807 views

පිළිතුර

ඔව්. ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව නිවසට පැමිණ ඔබව පරීක්ෂා කර බලනව. ඇයට ඔබ ගර්භණී බව හැකි ඉක්මණින් දැනුම් දෙන්න. එසේ නැතිනම් ලඟම පූර්ව ප්‍රසව සායනයට ගොස් ලියා පදිංචි වෙන්න.