Skip to main content
ප්‍රශ්නය

විවාහයට කලින් අක්‍රමවත් ඔසප් වීම පරීක්ෂා කරගන්න ඕනද?

Should irregular periods be checked before marriage?

වෛද්‍යතුමණි .. මා ලබන වසරෙහි මුල විවාහ වීමට අපේක්ෂිතයි .. ඔසප් වීම නියමිත පරිද්දෙන් සිදු වේද යන්න අවධානයක් මෙතෙක් කලකට සිදු නොකළෙමි .. විටෙක මාසය අගදි .. විටෙක මාසය මුලදි .. මාසයට වඩා කලක් ඉක්මවන අවස්ථාවන්ද ඇත .. මා කුමක් කළ,යුතු ද .. ක්‍රමවත්ව , නිසි පරිදි ඔසප් වීම සිදු නොවේ යැයි මට හැගේ .. විවාහයට පළමු ඒ පිළිබද මා යොමු විය යුතු පරීක්ෂණ , ප්‍රතිකර්ම සහ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා පිළිබද ඔබතුමන්ගේ කාරුණික උපදෙස් පතමි ..

අසන ලද්දේ: චත*** · වයස 25

ඔසප්වීම අක්‍රමවත් නම් ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි මාසිකව ඩිම්බ පිටවීම සිදු නොවෙන්න ඉඩ තිබෙනව. එවැනි අවස්ථාවක දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වෙනව. ඉක්මණින් දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වේ නම් පමණක් මෙයට ප්‍රතිකාර ගැනීම සුදුසුයි. එසේ නැතිනම් මේගැන කලබල විය යුතු නැහැ.